Breaking News

සියළු දෙනාගේම රෙදි ගලවන්න මට පුලුවන් !



ජනාධිපතිකම් කළ තමන්ට එළබෙන නව රජයේ ඕනෑම ඇමතිකමක් කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා .
තම පක්ෂයේ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කළ බව පවසන ඔහු, තම ජයග්‍රහණය පිළිබඳ කිසිදු අභියෝගය නොමැති බවද පවසනවා.
පොළොන්නරුවේ යු .ඇන් .පි නොවන දේශපාලනය කරන බොහෝදෙනා තමන් දේශපාලනයට ගෙන ආ පැටව් බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා .
තමන් ට චෝදනා කරන බොහෝදෙනා හොරු ,වංචාකාරයින් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඒ සියළු දෙනාගේ රෙදි ගැලවීමට තමන්ට හැකි බවද ඔහු පවසනවා .