Breaking News

අඩු මිල ටෙන්ඩරයක් තිබියදී වැඩි මිල ටෙන්ඩරයකට අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය !



පාසල්වලට අවශ්‍ය උෂ්ණත්ව මාන මිලදී ගැනීම සඳහා අඩු මිල ටෙන්ඩරයක් තිබියදී වැඩි මිල ටෙන්ඩරයකට අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

නිරෝෂන් පාදුක්ක පෙන්වා දෙන්නේ රුපියල් ලක්ෂ හයසිය විස්සකට උෂ්ණත්ව මාන මිලදී ගැනීමට හැකියාව තිබියදී රුපියල් ලක්ෂ අටසිය හතළිස් හයකට මිලදී ගැනීමට සූදානම් වන බවයි. එමෙන්ම මෙම උෂ්ණත්වමානවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් ලබාගෙන නොමැති බවද හෙතෙම කීවේය.