Breaking News

තෙවරප්පෙරුමගේ මන්ත්‍රීකම උගස් කරමින් අමුතු කතාවක් !



“රටේ සාමාන්‍ය මිනිස්සු අතර රනිල්ට දිනන්න බැහැ කියලා මත වාදයක් ඇතිකරලා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් පැරදිලා නැහැ. මම මගේ මන්ත්‍රීකම ඔට්ටු අල්ලනවා ඔය සමගි ජන බල වේගයේ නායකයාට වඩා එක ඡන්දයක් හෝ වැඩියෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ලබා ගන්නා බවට.” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පෙරුම මහතා පවසයි.තම නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ සියලු ජාතීන් එකතුවෙලා ආරම්භ කළ පක්ෂයක් . ඒක දෙකට කඩන්න මහින්ද රාජපක්ෂ මහත්තයටවත් බැරි උනා. එහෙම බැරිවුණේ පොලව යටත් අඩි ගණනක් යටට පෙනෙන රනිල් වික්‍රමසිංහ කියන පතාක බුද්ධිමත් පරිනත නායකයා නිසයි. නමුත් ඒ කොන්තරාත් එක කලේ රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ පුතා කියලා කියන සජිත් ප්‍රේමදාස මහත්තයයි.

එයා අද සමගි ජන බල වේගය කියලා පක්ෂයක් හදාගෙන මේ රටේ බලය ඉල්ලනවා. සජිත් මහත්තයා එයාගේ වැඩ පටන් ගත්තම කොරෝනා වලට බෙහෙතක් සොයා ගෙනයි. හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ බෙහෙත තහනම් කළා.ඒකෙන්ම නායකත්වයේ ගතිගුණ හිතා ගත හැකියි. ඊට පසුව එයාට ලොකුම හයියක් දීපු මංගල සමරවීර මහත්තයත් තවත් නෝනා කෙනෙකුයි අයින් වුණා.

මම මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවෙන්නයි හිටියේ. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කළ අශීලාචාර වැඩේ නිසා ,එක්සත් ජාතික පක්‍ෂය දෙකට කඩපු නිසා මම නැවත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියේ හිටගත්තා. ඒ මන්ත්‍රී වෙන්නවත් ඇමති වෙන්නවත් රනිල්ව ආරක්ෂා කරන්නවත් දිනනවත් නෙමෙයි.පක්ෂයේ අභිමානය සුරකින්න මම කෙලින් සිටගත්තා.

රටේ සාමාන්‍ය මිනිස්සු අතර රනිල්ට දිනන්න බැහැ කියලා මතවාදයක් ඇතිකරලා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් පැරදිලා නැහැ.මම මගේ මන්ත්‍රීකම ඔට්ටු අල්ලනවා ඔය සමගි ජන බල වේගයේ නායකයාට වඩා එක ඡන්දයක් හෝ වැඩියෙන් ලබා ගන්නා බවට