Breaking News

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩ වර්ජනයක් !



කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මැතිවරණ තැපැල් රාජකාරි සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ බලධාරීන් ගත් තීරණයකට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ මධ්‍යම තැපැල් හුවමාරු ශාඛාවේ සභාපති අනුරුද්ධ අප වෙත පැවසුවේ.