Breaking News

මම හදවතට එකඟව ඇත්තක් කිව්වේ !



තමන් කාදිනල් හිමියන් හමුවීමට ගියේ තම ප්‍රකාශයෙන් කතෝලික මන්ත්‍රීවරුන්ට බලපෑමක් සිදුවේයැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ දැනුම්දීම අනුව බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඊයේ පැවති ජනහමු වලදී හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමි හමුව ගැන කරුණු අනාවරණ කළේය.
මට ඒක කිසිම ප්‍රශ්ණයක් වුණේ නෑ මොකද මම හදවතට එකඟව ඇත්තක් කිව්වේ. කතෝලික මන්ත්‍රීවරුන්ට ප්‍රශ්ණයක් වෙයි කියලා සජිත් මහත්තයා මාව අරන් ගියා එතනට.මම ඊයේ සජිත් ප්‍රේමදාසව දැක්කේ නායකයෙක් විදියට නෙමෙයි.මගේ සහෝදරයෙක් හැටියට.. යනුවෙන් පැවසීය.