Breaking News

කැම්පස් ටයරයක් නිසා රෝහල් ගතව සිටි පසිඳු හිරුෂාන් නිවසට එයි !



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී අනතුරකට මුහුණදි රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පසිදු හිරුෂාන් සුවය ලබා ඊයේ නිවෙසට පැමිණියේ ය.

පසිදු නවක වධ සිද්ධියකට මුහුණදීමෙන් අදාළ අනතුර සිදුවූ බවට එකව දැඩි ආන්දෝලනයක් ඇතිව තිබිණ.

පසිඳු හිරුෂාන් 2018 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සමාර්ථ 3 ක් ලබා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළු වීමට සමත් විය.

එහෙත් විශ්විවද්‍යාල ජීවිතය අරඹා ටික දිනකින් ඔහු හදිසි අනතුරකට මුහුණ දුන්නේ ය.

ඒ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසි කරන ලද ටරයක් ඔහුගේ හිසේ වැදීමෙනි.

එමගින් හිසට බරපතළ තුවාල ලැබු පසිදු හිරුෂාන් රෝහල්ගත ප්‍රතිකාර ලැබී ය.