Breaking News

චීනයේ යෝජනාවක් අනුව පුත්තලමේ තවත් බලාගාරයක් හදන්න සූදානමක් !



කොරෝනා වසංගතයෙන් පසු විදුලි බිල්පත් නිවෙස්වලට ලැබේ. නමුත් ඒ ගැන විවිධ මැසිවිලි තිබේ.
මේ අතර අලුත් විදුලි උත්පාදන ව්‍යාපෘති ගැනත් කතාබහට ලක් වේ.

මේ ගනුදෙනු ගැන අපි කතා කරන්නේ එක හේතුවක් නිසා ය.

දූෂිත ගනුදෙනුවලින් අන්තිමට වෙන්නේ ඒ බරත් අපි අපේ විදුලි බිලෙන් දරන එක ය.

ඒකයි අපි අඩු මිලට විදුලිය දෙන්න පුලුවන් ක්‍රම තියෙද්දී කෙරෙන ඇතැම් අයතා ගනුදෙනු ගැන පසුගිය කාලයේ දිගටම අනාවරණය කළේ ය.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ප්‍රශ්න පසුගිය කාලයේ අවස්ථා ගණනාවකම අපි පෙන්වා දුන්නෙමු.

දැන් යළිත් බලාගාරයේ ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා

පසුගිය 10 වනදා සිට දෙවන ජනන යන්ත්‍රය ඉවත් කරලා තියනවා. ඒ බොයිලේරුවේ සිට හුමාලය රැගෙන යන නලයක දෝශයක් නිසා. ලබන අඟහරුවාදා යථා තත්ත්වයට පත්වෙයි කියා බලාපොරොත්තු වෙනවා.

නිරන්තරයෙන් ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත වෙද්දී තවත් මෙගාවොට් 300 ක ගල් අඟුරු බලාගාරයක් ඉදිකරන්න කෙරෙන සූදානමක් ගැන කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා අද අනාවරණයක් කළේ ය.

දැන් නැවත වතාවක් පුත්තලමේ මෙගා වොට් 300 ක බලාගාරයක් ගහන්න ආණ්ඩුව අනුමැතියක් දීලා තියනවා චයිනා මැෂනරි කොම්පැණි කියන චීන කොම්පැණියක් එක්ක. මේකේ තියන බරපතලකම තමයි මේ යෝජනාව ගේන්නේ ආණ්ඩුවට වඩා චීනයෙන්. එතකොට අපිට තියෙන ප්‍රශ්‍නය තමයි ලංකාව පාලනය කරන්නේ ලංකාවේ ආණ්ඩුව අද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද චීන ආණ්ඩුව ද කියන එක. මිලදී ගැනීමේ ක්‍රමවේද නැති ටෙන්ඩර් පටිපාටියකින් ගියපු නැති විවෘත ගනුදෙනුවක් සිදුවෙච්ච හැම අවස්ථාවකම ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ විදුලිය මිල වැඩි කරලා විදුලි බල මණ්ඩලයට පාඩු කරලා රජයට පාඩු සිද්ධ වෙච්ච ඒවා. විදුලි මාෆියාව නිර්මාණය කරන අය ඉන්නේ එක්කො විදුලි බල අමාත්‍යාංශයේ නැත්නම් මුදල් අමාත්‍යාංශය ඇතුළේ. විදුලි බල මණ්ඩලය ඇතුළේ. නැතුව මේ රටේ මහ ජනතාව ඇතුළේ නෙවෙයි. මෙවැනි බලාගාරයක් හදනවනම් ඒක මේ රටේ ජනන සැළැස්මේ කොතනද තියෙන්නේ. මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දුන්නද? ටෙන්ඩර් අනුව ඉදිරි සමාගම් තොරලා තියනවද? ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. කාගේ වුවමනාවට ද මේ හදිස්සියේ මෙගා වොට් 300 ක බලාගාරයක් පුත්තලමේ ඉදිකරන්න යන්නේ. අපි විදුලි බල ඇමතිට බල කිරීමක් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව තියන සියලු ලිපි ලේඛන රට හමුවේ තියන්න.