Breaking News

රාජ්‍ය සේවිකාවගෙන් පහස ලැබූ 15 තරුණයා !




දොඩම්ගොඩ ප‍්‍රදේශයේ රජයේ කාර්යාලයක සේවය කරන නිලධාරිනියකට  ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවී අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 15 හැවිරිදි සැකකරුවකු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් සිරි පෙරේරා මහතා නියම කරනු ලැබුවා.

අදාළ රාජ්‍ය නිළධාරිනිය සිය සේවය අවසන් කොට පා ගමනින් සිය නිවස බලා යමින් සිටියදී ඇගේ ශරීරය ස්පර්ෂ කොට ලිංගික අතවර සිදුකර ඇතිබවට සැකකරුට චෝදනා එල්ල වී තිබුණා.

එම අවස්ථාවේදී නිලධාරිනිය කෑ ගැසූ විට ගම්වාසීන් පැමිණ ඔහු අල්ලාගෙන ඇති අතර පසුව සැකකරුගේ මාපියන් පැමිණ පැමිණිලිකාරියට බැන වැදී ඇති බවයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණේ.

දකුණු කළුතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂක දිස්නා මහත්මිය විසින් මේ පිළිබඳ පරීක්‍ෂණ මෙහයවනු ලැබුවා.