Breaking News

ඉරා විසිකරනවා කියුව MCC යේ අවසන් සමාලෝචන වාර්තාව ජනපති වෙත !



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ‘සහශ්‍ර අභියෝගතා සමායතන‘ යෝජනාවලිය හෙවත් එම්.සී.සී. සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව අද (25) භාරදීමට නියමිතය.
ඊයේ (24) එම වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදුන්නේය.
එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
එම්.සී.සී. සමාලෝචන කමිටුව විසින් එම්.සී.සී. ගිවිසුම, මාස හයක කාලයක් අධ්‍යයනය කර ඇති අතර ඊට විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනාද සැළකිල්ලට ගනු ලැබුවේය.