Breaking News

විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙල යළි ඇරඹෙයි



කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ, ශ‍්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙල මේ වනවිට යළි ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. 
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය කියා සිටියේ විදෙස් රැකියා සඳහා යාමට අපේක්ෂා කරන පුද්ගලයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ ඒ සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබාගත හැකි බවයි.