Breaking News

කාවින්දගේ කුමන්ත්‍රණය සාර්ථකයි..! හරීන් සිරගෙට..!

කෘතහස්ත දේශපාලකයෙකු වූ දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ පුත් හිටපු පා.ම කවින්ද ජයවර්ධන මහතා තරුණයෙකු සමඟ සමලිංගික සම්බන්ධතාවල යෙදෙන වීඩියෝවක් පසුගියදා  සමාජජාල මාධ්‍ය වල වේගයන් සංසරණය විය.  මෙම වීඩියෝව වහාම වට්ස් ඇප් ඇතුලු සමාජජාල මාධ්‍ය වලින් ඉවත් කරන ලෙසත්  ඒ වෙනුවෙන්  තමන් ඕනෑම සහායක් ලබාදීමට සූදානම් බවත්  රවී කරුණානායක මහතා සමඟ ආණ්ඩුවේ ප්‍රභලයෙකු හමුවීමට ගිය  කාවින්ද ජයවර්ධන විසින් ඉල්ලා සිටි බව පුවත්පත් සහ  විද්‍යුත් මාධ්‍ය නාලිකා කිහිපයක් පසුගියදා අනාවරණය කරන ලදි. 

ඒ අනුව මෙම වීඩියෝව නිකුත් වූ කාවින්දගේ හෝ කාවින්දට සමීපව කටයුතු කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ තරුණයෙකු ඇතුලු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන්ගේ දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර ගනු වෙනුවට මෙම වීඩියෝව අන්තර්ජාල අවකාශය තුල  හුවමාරු වෙමින් තිබියදී ඒ සම්බන්ධයෙන් සිය සමීපතමයින්ගෙන් විමසීම් සිදුකල  සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීම සදහා සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතී. 

හිටපු පළාත් සභා මන්ත්‍රීණි  මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට ගිය අවස්ථාවේදී ඔවුන්ගේ රාජකාරියට අවහිර කරමින් දුරකතනය හරහා හිටපු පා.ම කාවින්ද ජයවර්ධනට මරණ තර්ජන එල්ල කලා යැයි හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට  චෝදනාවක් එල්ල වී ඇති බව අද  ජාතික පුවත්පතක්ද වාර්තා කර තිබේ.  මෙම සිදුවීම සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයන් තුලද හරීන් ප්‍රනාන්දු මහතාව විශේෂයෙන්ම ඉලක්ක කර ඇත. 

කාවින්දගේ වීඩියෝව බොරුවක්ද?

කාවින්ද ජයවර්ධන මහතා පෙනී සිටින සමලිංගික දර්ශණ සහිත වීඩියෝව බොරුවක් බවත් එය ඉන්දීය තරුණයින් දෙපළකගේ වීඩියෝවක් බව ඔහු විසින් ප්‍රකාශ කලද එම වීඩියෝ දර්ශණ වල සිටිනුයේ කාවින්ද ජයවර්ධන මහතාම බව  තහවුරු වී තිබේ.

කාවින්ද  ජයවර්ධන මහතා පසුගිය රජය සමයේදී අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ සමීපව කටයුතු කල අතර  එයට හේතුව වූයේ රවී කරුණානායක මහතාගේ  වැඩිමහල් දියණිය වන ඔනෙලා කරුණානායක විවාහ කරගැනීම සදහා කාවින්ද සූදානමින් පසුවීමයි.  නමුත් කාවින්දගේ පෞද්ගලික ලිංගික චර්යාවන් පිළිබදව තොරතුරු හෙළිවීමෙන් පසුව ඔනෙලා සහ රවී කරුණානායක මහතාගේ බිරිඳ මෙම විවාහයට දැඩි විරුද්ධත්වය පළකර ඇත.  එම නිසා කාවින්ද වෙනත් තරුණියක් සමඟ විවාහ වුවද ඔහු තරුණ පිරිමි  කිහිප දෙනෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව අනාවරණය වී තිබේ. 

ආණ්ඩුවේ අරමුණ?
හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම හරහා එක්සත් ජාතික පක්ෂයට සහ රජයට එල්ල වන දේශපාලනික තර්ජනය මැඩපැවැත්වීමට මෙම හදිසි සිදුවීම ප්‍රයෝජනයට ගැනිමින් කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව තතුදත් ආරංචිමාර්ග වාර්තා කර ඇත.