නාමල්ගේ මැදිහත්වීමේන් බන්දුලගේ සිහිනය බොඳවෙයි! - අළුත් පාර්ලිමේන්තුවේ ක්‍රීඩා ඇමති නාමල්?
නාමල්ගේ මැදිහත්වීමේන් බන්දුලගේ සිහිනය බොඳවෙයි! - අළුත් පාර්ලිමේන්තුවේ ක්‍රීඩා ඇමති නාමල්?

සාකච්ජාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් මෙම ක්‍රීඩාපිටිය ඉදිකිරීම වහාම නවත්වන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන ලදි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුලු පිරිසක් පසුගියදා හෝමාගම දියගම ප්‍රදේශයේ මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමට නියමිත ඉඩමේ සංචාරයක නිරත වූ අවස්ථාවෙන් පසුව බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල වුණා. එහිදී නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ ක්‍රීඩාවට සම්බන්ධ තරුණයින් දෙපළම මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි විවේචන සිදුකල අතර නාමල් රාජපක්ෂ මහතා වහාම මැදිහත්ව මෙම කටයුත්ත නතර කිරීම සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබුවා.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ක්‍රීඩාව සම්බන්ධ පරිපාලන කටයුතු සදහා විශේෂ දායකත්වයක් ලබාදෙන බව මේ මොහොතේදී බොහෝ දෙනෙකුගේ නිරීක්ෂණයට ලක්ව ඇති අතර බොහෝදුරට ඔහු මීළඟ රජයේ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයා වනු ඇතැයි ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග වාර්තා කර ඇත.