අත්අඩංගුවට පත් රාජිතව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන යයි

ඒ, මීගමුව – පල්ලන්සේන – තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙතටයි.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, මේ කාලය තුල රිමාන්ඩ් භාරයට පත්වන සියලු සැකකරුවන් නිරෝධායන කටයුතු සඳහා පළමුව රැගෙන යනු ලබන්නේ මෙම මධ්‍යස්ථානය වෙත බව බන්ධනාගාර කොමසාරිස් – පාලන බන්දුල ජයසිංහ මහතා සඳහන් කළා.
එහිදී ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාළ රක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කෙරෙනු ඇති.