Breaking News

ව්‍යායාම කිරීමට ඇවිදින මංතීරු විවෘත කිරීමටත් උපදෙස්

Walking tracks in Colombo | Time Out Sri Lankaමහජනතාවගේ දෛනික ව්‍යායාම් සඳහා ඇවිදින මංතීරු නැවත විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ක්ප්න්දේසි කිහිපයකට යටත්වයි.
  • දිනපතා පෙරවරු 05ත් 08ත් අතර සහ පස්වරු 5ත් 8ත් අතර පමණක් ඇවිදින මංතිරුවල ව්‍යායාම සඳහා විවෘතව තැබෙනු ඇත.
  • ඇඳිරි නිතිය පනවා තිබෙන ප‍්‍රදේශවලද එම කාලයේදී ව්‍යායාම අදුමෙන් සැරසී සිටින්නන්ට ඇවිදින මංතීරු වෙත යාමට අවසර ලැබෙනවා.
  • ඇවිදින මංතිරුවලදී මුව ආවරණ පැලද සීටීම අනිවාර්යයි.
  • කණ්ඩායම් වශයෙන් ව්‍යායාම සිදු කිරීමට අවසර හිමි නොවන අතර ව්‍යායාමවල යෙදෙන්නන් සෑම විටම පුද්ගල දුරස්ථභාවය පවත්වාගත යුතු වනවා.
  • හැකි සෑම විටම ඇවිදින මංතිරුවේ එක දිශාවකට පමණක් ගමන් කිරීමට ව්‍යායාමවල යෙදෙන්නන් කටයුතු කල යුතුයි. ඒ බව තහවුරු කිරීම සඳහා පළාත් පාලන ආයතන සම්බන්ධ කර ගනිමින් ඇවිදින මංතිරුවේ ගමන් කළ යුතු දිසාව දැක්වෙන ඊතල සටහන් යෙදීමට පියවර ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලැබී තිබෙනවා.
  • ඇවිදින මංතිරුවල පිවිසුම් ස්ථානයන්හි අත්පා පිරිසිදු කර ගැනීමට ක‍්‍රමයක්ද සකස් කරන ලෙසයි පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලැබී තිබෙන්නේ.
  • ඇවිදින මංතිරු දෙපස කෙලගැසීම වැලැක්වීමටද පොලිස් ස්ථානාධිපතිවරුන් සුදුසු පියවර ගතයුතුයි.
  • ව්‍යායාමවල යෙදෙන්නන් ව්‍යායාම අවසන් කර ආපසු යාමේදී පැළද සිටි පාවහන්වල පතුල විෂබීජහරණය කිරිමට පියවර ගතයුතු වනවා. ඒ සඳහා විෂබීජනාශක දියර ඔවුන් විසින්ම රැගෙන යා යුතුයි.
  • එමෙන්ම ආපසු නිවසට ගිය විට නිවසට ඇතුළු වීමට පෙර පාවහන් ගලවා ඉවත් කර සම්පූර්ණයෙන් පිරිසිදු වීමටද ඔවුන් වගබලා ගතයුතුවනවා.