රාජිතගේ ඇප නියෝගය අවලංගුයි
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 30 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වෙත ලබා දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය විසින් අවලංගු කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප ප්‍රධානය කිරීමට නිකුත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින්. ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගැනීම මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කළ යුතු බවට මහාධිකරණය තීන්දු කරන ලදී.