Breaking News

ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත්වූයේ ඇමරිකානු පුරවැසියෙක් ලෙසද?

SL in forefront of fight against human trafficking | Page 78 ...ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවී තිබුනේදැයි ප්‍රශ්ණ කරන බවත්, ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාල නොවන්නේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි
ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අතහැරීම සම්බන්ධයෙන් වන සටහන 2019 වසරේ අවසන් කාර්තුවේදී නිකුත් වූ නිවේදනයට ඇතුළත් නොවූයේ ඇයිදැයි ප්‍රශ්ණ කරන බවද ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.
මැතිවරණයකට ඔ්නැම මොහොතක අපි සූදානම්. ඒත් රට තවම මැතිවරණයකට සූදානම් නෑ. සදුදා දිනයේදී රට විවෘත කරලා, ආණ්ඩුව හරියට නාසය වසාගෙන හුස්මගන්න කියනවා වගේ  වැඩක් කරලා තියෙනවා. රටත් විවෘත කරනවා.
ඒත් ඇදිරිනීතියත් ක්‍රියාත්මක වෙනවා. ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙන විට රට විවෘත කරන්නේ කොහොමද? රටේ සාමාන්‍ය ආකාරයට ගමනාගමන පහසුකම් නොමැති නම් දෛනික ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දෛනික ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කළ හැකි සැලසුම් සකස් කර රට විවෘත කළ යුතුයි.
ප්‍රශ්ණ ගොඩක් ඇතිවුනත් රට විවෘත කළේ මැතිවරණයට ආණ්ඩුවට තිබෙන හදිසිය නිසයි.
හැමදාම රට වහගෙන ඉන්න කියලා අපි කියන්නේ නෑ. රටේ ආර්ථිකය යථා තත්වයට පත් කරගත යුතුයි. අපේ රටේ සියලුම ජනතාව සුවපත් වුනාට පස්සේ මැතිවරණ පැවැත්වීමට හැකියි.
සෞඛ්‍ය අංශවල කැපවීම නිසා කොරෝනා තත්වය පාලනය කිරීමට හැකියාව ලැබුණා. නැතිනම් ආණ්ඩුව සියලුම තීන්දු තීරණ ගත්තේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන්. ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙනුත් බලලා තීන්දු තීරණ ගත්තා නම් මේ තත්වය තවත් හොදට පාලනය කරගැනීමට තිබුණා.
මැතිවරණවලට බයේ මැතිවරණ කල් දාගන්න හදනවා කියලා සමහරුන්ට හිතෙන්න පූලුවන්.
අපි මැතිවරණවලට මුහුණදීමට බය නෑ. ඔ්නෑම අවස්ථාවකදී මැතිවරණවලට මුහුණදීමට අපි සූදානම්. ඒත් ජනතාවගේ මිනී මතින් ගොස්, මරණ මතින් ගොස් මැතිවරණවලට මුහුණදීමට අපි සූදානම් නෑ.
ජනතාවගේ සෞඛ්‍ය, ජනතාවගේ සනීපාරක්ෂාව, ආරක්ෂාව අංක එක සේ සලකා කටයුතු කළ යුතුයි. එය තහවුරු වූ විට තමයි මැතිවරණ පැවැත්විය යුතු වන්නේ.
මැතිවරණ පැවැත්වීමේ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට බව සමහරු කියනවා.
මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් දින වකවානු ඇතුලේදීයි.
ඒ දින වකවානුවලින් එලියට ගිහින් මැතිවරණයට දින නියම කිරීමට නොහැකියි. එසේ ජනාධිපතිවරයා විසින් නම් කර ඇති මාර්තු දෙවැනිදාත්, ජුනි දෙවැනිදාත් අතර දිනයක් මැතිවරණ දිනය ලෙස නම් කළ හැකියි.
එතැනින් එහාට දින නියම කිරීමට මැතිවරණ කොමිසමට බෑ. ඒ ආකාරයට එතැනින් එහාට ගිහින් දින නියම කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නෑ. රටේ තියෙන තත්වය අනුව හා ආණ්ඩුවෙන් එල්ලවන බලපෑම මත තමයි මේ ආකාරයට ජුනි 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් වන්නේ. මේ ආකාරයට මැතිවරණයට දින නියම කිරීම නීත්‍යානුකූල නෑ.
නීත්‍යානුකූල නොවන මැතිවරණ දිනයක්. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව ජුනි 2 වැනිදා පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. ඒ පිළිබද මතය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා.
මේ වන විට ආණ්ඩුව ව්‍යවස්ථා අර්බුදයක හිරවී සිටිනවා. ඒ පාර්ලිමේන්තුව විසුරවාහැරි දිනයේ සිට මාස තුනක් ඇතුළත මැතිවරණයක් නොපවත්වා මැතිවරණය කල් යැවීමට ආණ්ඩුව ඉඩ හැරියා.
පාර්ලිමේන්තුව විසුරවාහැරීමේ ගැසට් නිවේදනය අහෝසි කිරීමට හෝ නැවත පාර්ලිමේන්තුව කැදවීමට ආණ්ඩුව කටයුතු නොකළ නිසා ව්‍යවස්ථා අර්බුදයක් පැන නැගී තිබෙනවා. මේ ක්‍රියාවලිය ඇතුලේ ජනාධිපතිවරයා හිතා මතා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා
ඒ වගේම ජනාධිපතිවරයාට මුදල් පාලනය කිරීමට හැකි වන්නේ විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එහෙත් විසර්ජන පනත් කෙටුම්පත සම්මත නොවී තිබියදී පාර්ලිමේන්තුව විසුරවාහැරියොත් විතරයි. ඒත් දැන් පාර්ලිමේන්තුවට විසර්ජන නත් කෙටුම්පතක් ඉදිරිපත්වී නැහැ.
ඒ නිසා ජනාධිපතිවරයාට මූල්‍ය පාලනය කිරීමේ හැකියාවක් නෑ. ඒ වගේම ජනාධිපතිවරයා තමන්ගේ අභිමතය පරිදි ණය සීමාවත් ඉහළ දමාගෙන තිබෙනවා. මේකත් හිතා මතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්
ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අවධානය යොමු වෙනවා. මැයි මාසයෙන් පස්සේ තමයි ලංකාවට ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් හිමිවුනේ. එතෙක් කල් සිටියේ ඇමරිකානු පුරවැසිභාවයක් සහිත ජනාධිපතිවරයෙක්.
ජනාධිපතිවරණය අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය ඔප්පු කරන්න කියලා නඩුවක් ගොනු කළා. මේ වෙලාවේදී ස්වදේශකටයුතු අමාත්‍යාංශයේ ලේඛන අස්ථානගතවී ඇති නිසා නඩුව පැත්තකට විසි කළා.
අධිකරණය මුලාවේ දාලා, රටේ ජනතාව මුලා කරලා, මැතිවරණයකට ඉදිරිපත්වීම සදහා නාම යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය යන කොන්දේසිය කඩ කර ඇති බව දැන් පැහැදිලියි.
ජනාධිපතිවරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසිවීමේ නිවේදනය නිකුත් වුනේ 2020 පළමු කාර්තුවේදීයි.
2019 වසරේ අවසන් කාර්තුවේදී වත් ඔහුගේ නම ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වුනේ නැද්ද කියන ප්‍රශ්ණය අපි යොමු කරනවා.
එහෙමනම් මෙතැන ප්‍රශ්ණයක් තිබෙනවා. මෙතැනදි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවාද කියන ප්‍රශ්ණය අපිට අහන්න වෙනවා.
පුරවැසිභාවය සම්බන්ධයෙන් ගීතා කුමාරසිංහට අදාල වූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාල වෙන්නේ නැද්ද කියන ප්‍රශ්ණය අපිට අහන්න වෙනවා.
ගීතා කුමාරසිංහත් පුරවැසිභාවය ඉවත් කරන ලෙස ඉල්ලා තිබුණා. නමුත් නාම යෝජනා භාරදෙන අවස්ථාව වන විටත් ඇයගේ ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ඉවත් කර තිබුණේ නැහැ.
ඒ නිසා තමයි ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය කෝවෝ වොරොන්ටෝ ආඥාවක් මගින් අහෝසි කරනු ලැබුවේ. මේ ආකාරයට බලන විට ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාව වන විට ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය නිසි ලෙස සම්පූර්ණ කර තිබුණේ නෑ.
එදා ගීතා කුමාරසිංහට අදාල වූ නීතිය අද ගෝඨාභය රාජපක්ෂට අදාල නොවන්නේ ඇයි?