Breaking News

අයි.පී.එල් අරාබියත් ඉල්ලයි

IPL 2020 in UAE? Emirates Cricket Board offers to host suspended ...ලොව ජනප්‍රියම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ මෙවර සත්කාරකත්වය දැරීම උදෙසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් යෝජනාවක් ඉදිරිපත්වී තිබේ. ඒ කෝවිඩ්-19 වෛරසයේ පැතිරී යාම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක තිබෙන මොහොතකදීය.
කෙසේ වෙතත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් තවමත් පිළිතුරක් ලබා දී නොමැති අතර, කෝවිඩ් වසංගතය හේතුවෙන් අන්තර්ජාතික තරග මේ වනවිට නොපැවැත්වෙන බැවින් එය ප්‍රශ්නයක් නොවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට ආගන්තුකයෙකු නොවන අතර, 2014 වර්ෂයේදීද අයි.පී.එල් තරගාවලියේ පළමු තරග 20 සඳහා සත්කාරකත්වය ඔවුන් විසින් දරන ලදී.
ඒ එම කාලයේදී පැවැති ඉන්දීය මහමැතිවරණය හේතුවෙනි. කෙසේ නමුත් මේ වනවිට අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත්තේ, ඉන්දියාව තුළ කෝවිඩ් ආසාදිතයන් සීමාව ඊයේ (11දා) වනවිට හැත්තෑ දහසකට ආසන්න වූ අවස්ථාවකය.
මෙවර තරගාවලියේ සත්කාරකත්වයට මීට පෙර ශ්‍රී ලංකාවෙන්ද ඉල්ලීමක් කර තිබුණද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එය ප්‍රතික්ෂේප කළේය. මෙම තරගාවලිය බොහෝ විට ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුවද 2009 වර්ෂයේදීද දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් එය පවත්වා තිබේ.