Breaking News

තවත් පාසල් සිසුන් තිදෙනෙකුට කොරෝනා!

 






හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හි පාසලක සිසුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.


එම විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් තිදෙනෙක් මෙලෙස ආසාදිත බවට තහවුරු වී ඇත.


එම පාසලේ සිසුන් කිහිපදෙනෙක් කොවිඩ් ආසාදිත වීමත් සමග අදාළ සිසුන් තිදෙනා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබුණි.


පසුව සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම සිසුන් තිදෙනා ආසාදිත බවට තහවුරු වු බව සෞඛ්‍ය අංශ කියාසිටියේය.


වෛරසය ආසාදනය වී ඇත්තේ වටවල හා හැටන් යන ප්‍රදේශවල පදිංචි පාසල් සිසුන්ට වන අතර, ඔවුන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර තිබේ.