Breaking News

ඊයේ කොවිඩ් ආසාදිතයින් වැඩිම පිරිස මට්ටක්කුළියෙන්!

 





ඊයේ වාර්තා වූ Covid-19 ආසාදිතයින් 468 දෙනා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 22 කින් වාර්තා වී තිබෙනවා.


ඒ අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ මට්ටක්කුළියෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එය සංඛ්‍යාත්මකව 82 ක්.


ඒ අනුව ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ 183ක්, මහනුවර 73ක්, ගම්පහ 72ක්, කුරුණෑගල 28ක්, පොළොන්නරුවේ 19ක්, හම්බන්තොට 12ක්, ගාල්ලේ 12ක්, කලුතර 11ක් හා මාතර 10 ක් වාර්තා වූ ආසාදිතයින් අතර වුණා.


ත්‍රිකුණාමලයේ 08ක්, නුවරඑළියේ 07ක්, අම්පාරේ 07ක්, මඩකලපුවේ 06ක්, යාපනයේ 06ක්, අනුරාධපුර 03ක් ලෙසද ඊයේ දිනයේදී කොවිඩ් රෝගීන් හමුවී තිබෙනවා.


වව්නියාවේ 02ක්, මොණරාගල 02ක්, කෑගල්ලේ 02 ක් සහ රත්නපුර, පුත්තලම, මාතලේ හා මුලතිව් දිස්ත්‍රික්වල ආසාදිතයන් එක් අයෙකු බැගින්ද වාර්තා වූ බවයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියාසිටියේ.


අනෙක් තැනැත්තා විදේශයක සිට පැමිණි අයෙකුයි.