Breaking News

2021 දී මෙරට ආර්ථිකයේ 3.9%ක පහළ යෑමක් – මහ බැංකු අධිපති

 





මේ වසරේ දී මෙරට ආර්ථිකයේ සියයට තුනයි දශම නවයක පහළ යෑමක් (සංකෝචනයක්) වාර්තාවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පවසයි.


පෙර දැක්ම 2021 තේමාව යටතේ 2021 වර්ෂය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අධිපතිවරයා ඊයේ (04 වැනිදා) මේ බව ප්‍රකාශ කළ අරුණ පුවත්පත වාර්තා කරනවා.


එහිදී මහ බැංකු අධිපතිවරයා එහි දී මෙසේද සඳහන් කර තිබේ.


‘‘අනෙකුත් ගෝලීය ආර්ථිකයන් මෙන්ම ශ්‍රී ලංකාවද පසුගිය වසරේ දී විශේෂයෙන් දෙවැනි කාර්තුවේ දී සැලකිය යුතු ආර්ථික පසුබෑමකට ලක් වුණා. උද්ධමනය පාලනය වී ඇති තත්ත්වයක් යටතේ, වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නගාසිටුවීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පෙර නොවූ පරිමාණයකින් විවිධ ක්‍රියාමාර්ග ගත්තා. මෙම ක්‍රියාමාර්ග සහ රජය විසින් ආරම්භ කරන ලද ආර්ථික පුනර්ජීවන වැඩසටහන් පසුගිය වසරේ තුන්වැනි කාර්තුව තුළ දී ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ මට්ටමකින් යථා තත්ත්වයට පත් වීමට හේතු වුණා.


කෙසේ වෙතත්, කොවිඩ් දෙවැනි රැල්ල පැතිර යෑම, වසරේ අවසාන කාර්තුවේ දී ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම කෙරෙහි යම් දුරකට බලපෑම් ඇති කළා. 2020 පළමු කාර්තුවේ දී සුළු සංකෝචනයක්ද දෙවැනි කාර්තුවේ දී සාපේක්ෂව විශාල සංකෝචනයක් ද වාර්තා කිරීමෙන් අනතුරුව, ආර්ථිකය තෙවැනි කාර්තුවේ දී සුළු වශයෙන් ධන වර්ධනයක් වාර්තා කළා. සිව්වැනි කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමෙන් අනතරුව, ආර්ථිකය සම්පූර්ණ වසර තුළ දී සියයට තුනයි දශම නවයක පමණ සංකෝචනයක් වාර්තා කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.