Breaking News

ඊයේ දිනයේ Covid -19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න!

 





ඊයේ (20) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 594 දෙනෙක් හඳුනාගත් අතර, ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වී තිබේ.

Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 253ක් වාර්තා වු බවය.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124ක් හා මහනුවරින් ආසාදිතයින් 62ක් වාර්තා වී තිබේ.

ආසාදිතයින් 153 දෙනෙක් සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

කළුතර 49ක්, රත්නපුර 16ක්, හම්බන්තොට 15ක්, ත්‍රිකුණාමලයෙන් 14ක්, මාතර 13ක්, කුරුණෑගල 12ක්, අම්පාර 8ක්, කෑගල්ලෙන් හා පුත්තලමෙන් 7ක්, ගාල්ල 6ක්, නුවරඑළිය 3ක්, අනුරාධපුර 2ක් හා මොනරාගල එක් ආසාදිතයෙක් ලෙස ඊයේ දිනයේ දී වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනය තුළ මෙරට සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 17,233ක්.

මෙරට දී හමුවු සමස්ත ආසාදිතයින් ගණන 37,261ක් වන අතර සුවය ලැබු සමස්තය 28,267ක් වේ.