Breaking News

කොරෝනාවේ සුලමුල සොයා WHO වුහාන් නුවරට





කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ මූලාරම්භය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විද්‍යාඥයන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලබන මාසයේ චීනයේ වූහාන් නුවර වෙත පිටත්ව යෑමට නියමිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා.


පසුගිය දෙසැම්බරයේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවර වන අතර සත්ව මස් වෙළඳපොලෙන් බව බහුතරයකගේ විශ්වාසයයි.


විශේෂයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ද චීනය කොරෝනා වෛරසයේ ආරම්භය වසන් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළා.