Breaking News

කොරෝනා මර්දන එන්නත ලබන මාර්තුවේදී!

 





කොරෝනා මර්දන එන්නත මුලින් ම ලබා දිය යුතු අවදානම් පිරිස මිලියන 4 කට අධික බවට හඳුනාගෙන ඇති බව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.


ඇය ප්‍රකාශ කළේ, මේ වනවිට නිෂ්පාදනය ආරම්භ කර ඇති එන්නත් අතුරින්, යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඇනවුම් කර ලබා ගන්නා බවයි.


මෙරටදී කොරෝනා මර්දන එන්නත් කිරිම් ලබන මාර්තු මාසය පමණ වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද, ඇය ප්‍රකාශ කළාය.