Breaking News

කොටි නායක ගොපිගේ මවක් බෝම්බයක් සමග අල්ලයි!

 







එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රතිසංවිධාන නායකයෙකු වූ ගොපිනාදන් නොහොත් ගෝපිගේ මව යැයි සැකකෙරෙන කානත්වකට ලබා දීම සඳහා  ක්ලේමෝ බෝම්බයක් රැගෙන යමින් සිටියදී කිලිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේදී සැකපිට ඊයේ (02) සවස දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.


කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදී අදාල සැකකරුවෙකු සහ සැකකාරියක් බස් රථයකින් පැමිණි අවස්ථාවේදී මෙලෙස යුදහමුදාවේ බුද්ධි අංශය, ත්‍රස්ත විමර්ශන අංශය හා කිලිනොච්චිය පොලීසිය එක්ව අත්අඩංගුවට ගෙන ඇත.


අනතුරුව එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඉයක්කච්චි ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන යන බවට තොරතුරු ලැබීමෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචිව සිටි ගෝපි කොටි සාමාජිකයාගේ මව යැයි සැකකරෛන කාන්තාවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී එම කාන්තාවගේ ගෙවත්තේ වලදමා තිබූ තවත් යුද උපකරණ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වූ අතර එම ස්ථානයේ පදිංචිව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.


එහිදී ප්ලාස්ටික් බැරලයක ආරක්ෂිතව වලදමා තිබූ අත්බෝම්බ දෙකක්, පිස්තෝල උණ්ඩ 50 ක්, ටී.56 උණ්ඩ 20 ක්, ස්නයිපර් ගිනි අවියකට භාවිතා කරන බවට සැකකෙරෙන දුරේක්ෂයක්, ගිනි අවි පිරිසිදු කරන තෙල් බෝතල් දෙකක්, වීඩියෝ කැමරාවක්, පිස්තෝල පූචස් දෙකක් වන අතරම ප්‍රධාන සැකකාරුවන්ගේ මල්ලෙහි තිබී කිලෝ 15 ක පමණ බරින් යුත් අධි බලැති ක්ලේමෝ බෝම්බයක් හමු වී ඇත.


මේ අනුව 67 හැවිරිදි සෙල්වනායගම් රාසමලන් , 62 හැවිරිදි කුලසිංහම් කුගනේස්වරී, 35 හැවිරිදි දයානිජන් අම්බිකා සහ 29 හැවිරිදි සිංහරාජා දයානුජන් යන අය සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.


අදාල ආයුධ තොගය භාවිතයට සුදුසු මට්ටමේ පැවතීම හේතුවෙන් කුමන කරුනක් සඳහා ලඟ තබාගන්නට ඇත්තේදැයි යන්න පිළිබඳව පොලීසිය හා ත්‍රස්ත මර්ධන අංශය විසින් ප්‍රශ්න කිරීම් හා පරික්ෂණයන් අරඹා ඇති අතර සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත.


යුද්දය අවසන් වීමෙන් පසුව නැවත 2014 වසරේ අප්‍රෙල් මස කොටි සංවිධානය ප්‍රතිසංවිධානය කරන අරමුණින් එහි නායකුයෙකු වූ ගොපි නැමත්තා සහ අප්පන් යන අය විසින් වව්නියාව නෙඩුන් කේනි ප්‍රදේශයේදී යුද හමුදාව සමග දැඩි සටනකින් පසුව මිය ගිය අතර එහිදී යුද හමුදා සෙබලෙකුද කොටි වෙඩි ප්‍රහාරයෙකු මිය ගියේය.