Breaking News

තවත් විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට

 





රැකියා සඳහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සහ යුරෝපයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (01) යළි දිවයිනට පැමිණ තිබේ.


ශ්‍රී ලාංකිකයින් 149 දෙනෙකු අද අලුයම මෙලෙස දිවයිනට පැමිණි බව ගුවන්තොටුපොළ වාර්තාකරුවන් සඳහන් කළේය.


ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 49 දෙනෙක්, කටාර්හි සිට පුද්ගලයින් 95 දෙනෙක් සහ ජර්මනියේ සිට පුද්ගලයින් පස් දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.


ඔවුන් සියලුදෙනා පී.සි.ආර්.පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගෙන තිබේ.


මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තීරබදු රහිතව භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු කොන්දේසි සහිතව අද දිනයේ සිට සිදුකරන බව ගුවන්තොටුපොළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.