Breaking News

කොරෝනා පාලනය රජය අතහැර දමලා!

 





කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම රජය විසින් මේ වන විට අත්හැර දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.


විජිත හේරත් මහතා එ බැව් කියා සිටියේ හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති මාධ්‍යය හමුවකදිය.


මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විජිත හේරත් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛරසය මේ වන විට රට පුරා සමාජගත වි ඇති බවයි.


වතු ආශ්‍රිත ප්‍රදේශවලට මේ වන විට කොවිඩ් 19 වෛරසය සමාජගත වි ඇති බවත්, මෙය පාලනය කිරිමට රජය මේ වන විට අසමත් වි ඇති බවයි විජිත හේරත් මහතා කියා සිටින්නේ.


කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් අයුර්වේද වෛද්‍යවරුන් සහ ඇතැම් පිරිස් විසින් මේ වන විට හදුන්වාදුන් ඖෂධ සහ පැණි වර්ග සෞඛ්‍යය අංශ වල අනුමැතියකින් තොරව ප්‍රචලිත කිරිමට කටයුතු කිරිම විහිළු සහගත බවයි.


පලාත් සභා මැතිවරණය පැවැත්විමට කටයුතු කිරිම සම්බන්ධයෙන්  ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු වි නොමැති බවද විජිත හේරත් මහතා කියා සිටියා.