Breaking News

තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක්

 






බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගනිමින් සිදු කෙරෙන රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 11 කදී ඊයේ දිනය තුළ පමණක් රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 940 ක් සිදු කර ඇති බවයි. 


ඉකුත් 18 වනදා සිට මේ දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් දස දහසකට අධික පිරිසකට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ අතරින් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.