Breaking News

කොවිඞ් නව ප‍්‍රභේදය ගැන අනවශ්‍ය බියක් එපා

 






ලොවපුරා රටවල් ගණනාවකින් දැනටමත් වාර්තා වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකිකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. 


අදාළ නව ප‍්‍රභේදය ශ‍්‍රි ලංකාවට ද පැමිණ ඇත්දැයි සොයා, බැලෙන විශේෂ පරීක්ෂණය සිදුකරන්නේ ද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනයයි.


කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාවට ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම තුළින් නව ප‍්‍රභේදයෙන් ද ආරක්ෂා විය හැකි බවයි ආචාර්ය චන්දිම ජීවන්දර වැඩි දුරටත් කියා සිටියේ.