Breaking News

LPL තරඟාවලියට කොරෝනාවෙන් යළිත් බාධා

 






LPL ක්‍රිකට් තරඟාවලියට එක්වන Colombo Kings කණ්ඩායමේ පුහුණුකරු වන එංගලන්තයේ කබීර් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති බවටයි ක්‍රිකට් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර Colombo Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේ ඩේව් වට්මෝර්.

මෙම තත්ත්වයත් සම​ඟ ලබන 26 වනදා ආරම්භ වන LPL තරගාවලියේ දී කොළඹ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.