Breaking News

LPL පළමු තරඟය Colombo Kings ජය ගනී

 





ඊයේ (26) පැවති LPL පළමු තරඟයේ ජය Colombo Kings කණ්ඩායම හිමි කරගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Kandy Tuskers කණ්ඩායම කඩුළු 3කට ලකුණු 219ක් රැස් කළ අතර ඉන්පසුව පන්දුවට පහර දුන් Colombo Kings කණ්ඩායමද පන්දු වාර 20 තුළදී කඩුළු 7කට එම ලකුණු ප්‍රමාණයම රැස් කරගත්තා.

ඒ අනුව තරඟයේ ලකුණු ප්‍රමාණයන් සම වීම හේතුවෙන් 'සුපර් ඕවර්' අවස්ථාව එළැඹුනා.

එහිදී ප්‍රථමයෙන් පහර දුන් Colombo Kings කණ්ඩායම සුපරි පන්දු වාරයේදී ලකුණු 16 ක් රැස් කර අතර ඉන් පසු පහර දුන් Kandy Tuskers කණ්ඩායමට සුපිරි පන්දු වාරයේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 12ක් පමණයි.

ඒ අනුව LPL තරඟාවලියේ ප්‍රථම තරඟය සුපිරි පන්දු වාරයේ ලකුණු 4කින් Colombo Kings කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.