Breaking News

TNL මාධ්‍ය ප්‍රධානී ශාන් වික්‍රමසිංහ දිලිත්ගේ නිරුවත හෙළිකරයි!

 






2011 වසරේ ඔක්තෝම්බර් මස 27 වනදා එවකට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ  සහෝදරයා වන TNL මාධ්‍ය ජාලයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා ඔහුගේ නීත්ඥවරයා වන  සුදත් ජයසුන්දර සහ  බාල සහෝදරයා වන චන්න වික්‍රමසිංහ සමඟ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. ඒ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී පොලිස් අධිකාරී ඩී.ආර්.එල් රණවීර හමුවී පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සදහායි. ඒ පැමිණිල්ල කුමක්ද?

ශාන් වික්‍රමසිංහ මහතා සිය පැමිණිල්ල යොමුකරමින් විශේෂ කරුණු කිහිපයක් හෙළිදරව් කරනු ලැබූ අතර දෙරණ මාධ්‍ය ජාලය සහ ජොර්ජ් ස්ටුවර්ට් සමාගම්හී සභාපති දිලිත් ජයවීර ඉලක්ක කරගනිමිනුයි ඔහු මෙම පැමිණිල්ල යොමුකලේ. 

- කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය හදාරමින් සිටින සමයේදී  රුපියල් 5 ක් වියදම් කොට  ආහාර වේලක් මිලදී ගැනීමට නොහැකිව සිටි දිලිත් ජයවීර, ඉතා කෙටි කලෙකින් රුපියල් බිලියන 2ක් වියදම් කරමින් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ කොටස් මිලදී ගත්තේ කෙසේද? 

- එවකට ආරක්ෂක අමාත්‍යංශය සතුව පැවති නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ කොළඹ  කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ 51% ක  කොටස්  මිලදී ගැනීම සදහා දිලිත් රුපියල් මිලියන 500ක් ඉපයූවේ කෙසේද? යන ප්‍රධාන ප්‍රශ්ණ දෙක විමර්ශණය කරන ලෙස ඔහු එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පැමිණිල්ලක් යොමුකරමින් ඉල්ලා සිටියා. 


එම පැමිණිල්ලේම සදහන් වන පරිදි දිලිත් ජයවීර සහ කූප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා එක්ව  දිවැස  ආයෝජන කලමනාකරණ සමාගම හරහා කොළඹ කොටස් වෙළඳපොලෙ කරන ලද ගණුදෙනුවලින් අයුතු ලාභ උපයා ඇත්දැයි විමර්ශණය කරන ලෙස දක්වා තිබේ. 

2011 වසරේ සිට මේ දක්වා දශකයකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති නමුත් පැවති කිසිදු රජයක් මෙම චෝදනා සම්බන්ධයෙන් සාධාරණ විමර්ශණයක් සිදුකිරීමට අපොහොසත් වූ අහර කොටස් වෙළඳපොල ගණුදෙනු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ කෘතහස්ත රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුටම සිය රැකියා අහිමි විය.


2014 දී පලවූ මාධ්‍ය වාර්තාව පහළින්...

https://srilankabrief.org/2011/10/how-did-dilitha-jayaweera-who-did-not-have-rs-5-earn-billions-shan-wickremesinghe-complains-to-the-ccd/