Breaking News

ඔස්ට්‍රියා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

 





ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වි තිබේ.

අයුධ සන්නද්ධ ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් වියනා හි ස්ථාන 06කට එම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී ත්‍රස්ත සාමාජිකයෙක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

වියානා හි දේවස්ථානයක් අසල සිදුකළ එක් වෙඩිතැබීමක දි පොලීසිය එල්ල කර ප්‍රහාරයකින් ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති අතර අනෙක් ත්‍රස්තවාදීන් සොයා මෙහෙයුම් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.