Breaking News

ගුවන් හමුදාවේ සෙබලෙකු හදිසියේම මියයයි

 





ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු එම කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය.

කුමන ආකාරයකින් එම අනතුර සිදුවුයේද යන්න පිළිබද ව මෙතෙක් කරුණු අනාවරණය වි නොමැති බව දුෂාන් විජේසිංහ මහතා සදහන් කළේය.

චීන වරාය පොලීසිය සහ ගුවන් හමුදාව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.