Breaking News

මහනුවර යලි සෙලවෙයි






මහනුවර දිගන ප්‍රදේශයේ යලි යම් සෙලවීමක් සිදුවී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් ක​ළ විමසීමකදී මේ බව තහවුරු කළා.

තවමත් භූ විද්‍යා පතල් කාර්යාංශයෙන් මෙම කම්පනයේ ඒකක ප්‍රමාණය සටහන් කර නොමැති අතර, යම් සෙලවීමක් සිදුවී ඇති බව කාර්යාංශය තහවුරු ක​ළ බවයි ඔහු සඳහන් කළේ.