Breaking News

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල වසා දැමේ!

 





පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු තැපැල් සහ උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු වසා තැබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම ඇතැම් නිලධාරීන් ඖෂධ බෙදාහැරීම සහ වෙනත් රාජකාරී කටයුතු සඳහා අනෙකුත් තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත් ගොස් ඇති බැවින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදාහැරීමේ කටයුතු ද නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ආදාල නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ.