Breaking News

කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

 





හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකවරයෙකු කොළඹ ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී අහඹු ලෙස කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රෙද්ශයේ ඇති මින්නේරිය ජාතික පාසලේ ගුරුවරුන්ගේ පැමිණීම අද පැවතියේ ඉතා අවම මට්ටමකයි.

ඒ අනුව අද පාසලට පැමිණි දරුවන් පෙරවරු 8.30 පමණ වන විට නැවත හරවා යැවුණා.