Breaking News

පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙයි! ජනපති ජාතිය අමතයි

 





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 18 වැනි දා ජාතිය ඇමතීමට නියමිතය.

එදින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එම ජාතිය ඇමතිම විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දී එදිනට වසරක් සම්පූර්ණ වෙයි.

අනුරාධපුර රුවන්මැලි මහා සෑයේ දුටුගැමුණු රජුගේ පිළිරුව ඉදිරියේදී ජනාධිපතිතුමා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.