Breaking News

අයවැයෙන් ඩලස්ට කැපිල්ලක්!

 






ඉදිරි වර්ෂය (2021) සඳහා අයවැයෙන් රුපියල් කෝටි 31ක ඉතා අවම මුදල වෙන් කර තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා දේශපාලන කලමණාකරන ක්‍රියාමාර්ග තුළින් සුවිශාල කාර්යාභාර්යයක් සිදු කළ ඩලස් අලහප්පෙරුම විදුලි බල අමාත්‍යවරයා වෙනුවෙනි.

මෙයට පෙර ඉදිරිපත්කරන ලද 2021 වර්ෂය වෙනුවෙන් වූ විසර්ජන පනතට අනුව අවම මුදල් ප්‍රමාණය වෙන්කර තිබුණේ උදය ගම්මන්පිල බලශක්ති ඇමතිවරයාටය. එම මුදල රුපියල් කෝටි රුපියල් 25ක් විය. එය රුපියල් කෝටි 280 දක්වා ඉහළ දමා තිබේ. 

එහෙත් විසර්ජන පනතින් රුපියල් කෝටි 31ක් ඩලස් අලහප්පෙරුම විදුලි බල අමාත්‍යවරයාට වෙන් කරන ලද මුදල වැඩිකර නැත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එම කැබිනට් ඇමතිවරයා යටතේ සිටින සූර්යබල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාට රුපියල් කෝටි 73ක මුදලක් වෙන් කර තිබීමය.

එසේම කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට වඩා අඩු මුදලක් වෙන්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් පමණක් සිටීමද මෙම මුදල් වෙන් කිරීමේ විශේෂත්වයක් ගෙන ඇත.

එම රාජ්‍ය අමාත්‍යවරුන් වන්නේ රුපියල් කෝටි 16ක් වෙන් කර තිබෙන කලාපීය කටයුතු ඇමතිවරයා සහ රුපියල් කෝටි 29ක් වෙන් කර තිබෙන මැණික් හා ස්වර්ණාබරණ රාජ්‍ය අමාත්‍යවරයාය. 

ගෙවී යන 2020 වසරේදී විදුලිබල අමාත්‍යාංශට රුපියල් කෝටි 5,828ක් වෙන්කර තිබී ඇත.