Breaking News

ආණ්ඩුවෙන් නැවතත් හිතවතුන්ට සැළකිලි! සේනාධීපතිට බඩ ඉරිඟු වවන්න ආන්ඩුවෙන් අක්කර 5000

 





මේජර් (විශ්‍රාමික) නිශ්ශංක සේනාධිපති සභාපතිත්වය දරන 'ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමට'

අනුබද්ධිත 'ඇවන්ට් ඇග්‍රෝ පෞද්ගලික සමාගමට' රජයේ ඉඩම් අක්කර 5000ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟත්වය පළකර  ඇත.

එසේ එකඟත්වයක් පළකර ඇත්තේ, මත්ද්‍රව්‍ය උවදුරෙන් ජනතාව මුදාගැනීම සඳහා එයට ඇබ්බැහි වූ සහ සිරගතව ඇති සිරකරුවන් කෘෂිකර්මය සඳහා යොමුකර පුනරුත්ථාපනය කිරීම සඳහා ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විස් සමාගම අගමැතිවරයා වෙත කළ යෝජනාවකට ප්‍රතිචාරයක් ලෙසය.

එම ව්‍යාපෘතියට අක්කර 40,000ක් අවශ්‍යව ඇතත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් (විශ්‍රාමික)  සුමේධ පෙරේරා නියමු ව්‍යාපෘතියක් ලෙස අනුමැතිය ලබාදී ඇත්තේ අක්කර 5000 කට පමණි.

ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් නිකුත්කර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.

''බඩ ඉරිඟු ආනයනය සීමා කිරීම තුළින් වාර්ෂිකව බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක ඌනතාවයක් පවති.'' 

රජය විසින් ගෙන ඇති බඩ ඉරිඟු ආනයන සීමා කිරීමේ තීරණය අනුව, ඵලදායි ලෙසින් බඩ ඉඟුරු වගා කිරීමේ ව්‍යාපෘතියක් මගින් මෙම සිරකරුවන් පුනරුත්ථාපනය ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට හැකි බව ඔබ විසින් හඳුනාගෙන ඇත.

බඩ ඉරිඟු ආනයනය සීමා කිරීම තුළින් වාර්ෂිකව බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක ඌනතාවයක් පවතින අතර මෙම අස්වැන්න ලබා ගැනීමට අක්කර 80,000 ක පමණ වපසරියක් සහිත වන අතර එයින් අක්කර 40,000 ක ප්‍රමාණයක් වගා කිරීමට ඔබගේ ආයතනයට හැකියාව ඇති බව දන්වා ඇත.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස අක්කර 5000 ක බඩ ඉඟුරු වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔබ ආයතනයට අනුබද්ධ 'ඇවන්ට් ඇග්‍රෝ පෞද්ගලික සමාගම' නමින් අනුබද්ධිත සමාගමක් ස්ථාපිත කර ඇති අතර අපේක්ෂිත ව්‍යාපෘතිය මගින් රජය මූලික වශයෙන් බලාපොරොත්තු වන විදේශ විනිමය ඉතිරි කිරීම් හා සිරකරු පුනරුත්ථාපනය අමතරව වෙනත් සමාජයීය හා ආර්ථික රැසක් හිමිවන බැවින්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිර්දේශ කරමි.

''අපේක්ෂිත ව්‍යාපෘතිය මගින් රජය මූලික වශයෙන් බලාපොරොත්තු වන විදේශ විනිමය ඉතිරි කිරීම් හා සිරකරු පුනරුත්ථාපනය අමතරව වෙනත් සමාජයීය හා ආර්ථික රැසක් හිමිවන බැවින්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව නිර්දේශ කරමි.''

- කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්,

මේජර් ජනරාල් (විශ්‍රාමික)  සුමේධ පෙරේරා

මේ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් අමාත්‍යංශය විසින් ලබා දීමට අවශ්‍ය කටයුතු යෙදිය හැකි බවද වැඩිදුරටත් දන්වමි.