Breaking News

5000 ගන්න ගිය කාන්තාවක් හදිසියේම මිය යයි!

 





රුපියල් පන්දහසේ දීමනාව ලබා ගැනීමට කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි කාන්තාවක් ඊයේ (08 වැනිදා) ඇදවැටී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඇටඹගහවත්ත, උතුරු කදිරාන පදිංචි උඩුගම කෝරාළලාගේ සෝමාවතී නමැති හැටදෙහැවිරිදි කාන්තාවකි.

මේ අවස්ථාවේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇයට උපකාර කිරීමට ඇතැමෙක් බියවී ඇති බවද කියයි. පසුව තරුණයන් දෙදෙනකු ඉදිරිපත්ව ඇය රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි. මෙම මරණය ගැන මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තා කරන ලෙස හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ කටාන පොලිසියට නියෝග කරන ලදී. මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි මෙම මරණය පිළිබඳව පී.සී.ආර්. පරීක්ෂණයක් කරන ලෙස නියම කළේය.