Breaking News

WTCයෙනුත් කොරෝනා රෝගියෙක් මතුවෙයි!

 





ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 32වන මහලේ සේවය කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු විය.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ අදාළ පුද්ගලයා ඉකුත් 08 වැනි දා සිය සේවා ස්ථානයට පැමිණ තිබූ බවයි.

නිවේදනයේ දැක්වුණේ, අදාළ පුද්ගලයා සමග සබඳතා පැවැත් වූ පුද්ගලයින් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර අදාළ කාර්යාලය ද වසා දමා ඇති බවය.