Breaking News

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි!

 





බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නුවරඑළිය, මහනුවර , රත්නපුර , කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.