Breaking News

තවත් කොරෝනා ආසාදිතයින් 60ක් සුවය ලබති

 





තවත් කොරෝනා ආසාදිතයින් 60 දෙනෙකු අද (22) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අතර අද තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙකු අද හඳුනා ගැනිණ.

ඒ අතරින් 22 දෙදෙනෙකු කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 2 ක සේවකයින් වන අතර තවත් 6 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළන් හඳුනා ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කළේ, සෙසු පුද්ගලයින් 22 ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ කෙරෝනා පොකුරේන් වාර්තවන සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2558 කි.

මේ වන විට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 3561 කි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6028 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ය.

වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2454 කි .