Breaking News

කොටහේනටත් ඇඳිරි නීතිය!

 





අද පස්වරු 6.00 සිට කොළඹ කොටහේන පොලිස් වසමට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මධ්‍ය හමුවට එක්වෙමිනි.

අද උදෑසන කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, බ්ලූමැන්ඩල් සහ ග්‍රැන්ඩ්පාස් යන පොලිස් බල ප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරි නීතිය පැනවී ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයටම පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5 කට ද මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අදාළ ආයතනවල සේවකයින්ට ගමන් කිරීමට අවස්ථාව හිමිවන බවයි.

ඒ සඳහා සිය රාජකාරි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකියි.