Breaking News

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිඳියකට කොවිඩ්-19







කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙණු බිළිඳියක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

මාස දහයක බිළිඳියකට එලෙස කොවිඩ්-19 ආසාදනය වි ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක් යටතේ ඊයේ (08) දිනයේ රෝහල් ගත කෙරුණු එම බිළිඳියගේ සිදුකළ පි.සි.ආර් පරික්ෂණයට අනුව කොවිඩ්-19 ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ.