Breaking News

පොලිස් බල ප්‍රදේශ 18 කට ඇඳිරි නීතිය තවදුරටත්!

 





ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

ගම්පහ කොට්ඨාසයේ ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල හා යක්කල නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශයි.

කැලණිය කොට්ඨාසයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලට, මීගමුව කොට්ඨාසයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයට හා සීදූව පොලිස් බල ප්‍රදේශයටත් නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.