මාධ්‍යවේදී ඩෙස්මන්ඩ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි!
අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් වෙබ් අඩවි ඔස්සේ ප්‍රවෘත්ති පල කළ වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඔහුව ලබන 24 වැනිදා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කළේ ය.
එම මාධ්‍යවේදියා විසින් එම ප්‍රවෘත්තිය පල කිරීම සඳහා උපයෝගී කරගත් ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකතන 2 රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.
එම මාධ්‍යවේදියා විසින් ඔහුගේ වෙබ් අඩවියට පිවිසෙන මුරපදය වෙනස් කර ඊට පිවිසීමට බාධා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.
එබැවින් ඒ සම්න්ධයෙන් සිදු කරන විමර්ශනවලට බාධාවක් සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව් පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සේනාරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.