Breaking News

පළාත් කිහිපයකට අදත් වැසි !

 


Hundreds Missing After Landslide and Rains in Sri Lanka | Time


බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු සහ තාවකාලික තද සුළං ඇති වේ.

දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරීමේ දී, අගෝස්තු 28 වන දින සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.

අද (03) දහවල් 12.09 ට කාක්කපල්ලිය, කටුපොත, ගුරුවෙල, විලේගම, මහඔය, තුම්පන්කෙනි සහ පලුකාමම් ප්‍රදේශයට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.