Breaking News

ආරක්‍ෂක ඇමතිමක දරන්න ජනාධිපතිට බෑ !

 

Visit of Minister of External Affairs, Sri Lanka Prof. G. L. Peiris-Joint  Media Interaction- Part 1 - YouTube



ආරක්ෂක අමාත්‍ය ධූරය දැරීමට හැකියාව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සේනාධිනායකයා වශයෙන් රටේ ආරක්ෂාවට වගකිවයුත්තා වන ජනාධිපතිවරයාට අහුරා ඇති බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඊට හොඳම උදාහරණයක් වන බව ද ඔහු පැවසීය. ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිවරයාට සෘජුව ක්‍රියා කිරීමට බලා බලය නැති වීම හේතුවෙන් එම ප්‍රහාරය එල්ල වූ බව ද ඔහු පැවසීය.

ජනාධිපතිවරයාට ඉහළින් බලය ලැබෙන සේ පිහිටුවා ඇති කොමිෂන් සභාවල බලතල ලැබීම 19 සංශෝධනයෙන් සිදු වූ ඉතාම භයානක තත්වයක් යයිද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් නිසි දැනුවත්කමක් නැති පිරිසක් 19 වන සංශෝධනය ඉවත් කිරීම මහා අපරාධයක් සේ සලකමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති ජනහමුවක් අමතමිනි.