Breaking News

අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත් ලබා දීමට පියවර

 





අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවනවා.

එහි මහජන සෞඛ්‍ය පසු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා සඳහන් කළේ, මේ වනවිට ඇස්තමේන්තු ගත තොරතුරු අනුව අයාලේ යන සුනඛයින් ලක්ෂ 8 ක් පමණ සිටින බවයි.

එම සුනඛයින් එන්නත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා දුරස්ථ එන්නත් විදින උපකරණ භාවිත කිරීමට පියවර ගෙන ඇති බවයි.

අයාලේ යන සුනඛයින් ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීමට ප්‍රබල ලෙස හේතුවන බව ද ඔහු ප්‍රකාශ කළේය.